මේ මෙතැන බිත්තියේ
වීරෝදාර පුත්තු
අම්මලාගේ ඇහැ ගැටෙන්නට
තැළු අතැඟිලි වාරු කරගෙන
ඇඟිලි සලකුණු තබා යන්නැති
ආයෙමත් ආපු නැති
පුතාලා වෙනුවෙන්
අම්මලා තවමත්
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති
Friday, December 4, 2015
වරාමල්
මා ඔබට පිටුපෑවොතින්
මල් කැකුලක් ලෙස වත් නොඑන්නට සිදුවේවි
මම ඔබ දෙස බැලුවොතින්
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
ඔබ වෙතට ලඟාවිය හැකිනම්
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
නොදනීද ඔබ, දිගු රාත්‍රියකට පසු
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
මට ඔබ වැළඳගත හැකි නම්
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව
https://www.youtube.com/watch?v=-aq1ufHcmcI
Thursday, December 3, 2015
Monday, November 30, 2015
නන්දනිය,
කොහේද සැඟවූ යේ ඔබ
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....
කොහේද සැඟවූ යේ ඔබ
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....
Friday, November 27, 2015
මහගෙදර බිත්තියේ
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!
Thursday, November 26, 2015
Tuesday, November 24, 2015
බොආබ් ගස
යටිකුරු කර ඇති
බොආබ් ගස
තනිකඩව අනන්තය පෙනෙන
සුසිනිඳු සේද වැලි පලස මත
කොළ
දුඹුරු
රතු
කහ
දිගු පලල් මිටි බෝතල
උඩුකුරුව
නොපෙනනා හුයකින්
ගහේ අතු අග
ගෙල වැලලාගෙන
සෙමෙන් සුලලිතව
වැලපෙමින්
මිහිරි සංගීත ස්වර වයන
හු කියන සුළඟට
අමතක කර යන එන අත
ගිගිරි සර්ප මහතුන්
වල්ග අග උණ්ඩ පුරවමින
වැලි මත වැතිර
එල්ලය ගෙන
පඹයින්ට වෙඩි තබන
මේ විසල්
වැලි මත
ඈත නොපෙනෙන ඉර
හොරෙන් දහඩිය පිහන...
Monday, November 23, 2015
පුනරාගමිත පෙම්වත
පුනරාගමිත පෙම්වත
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
Subscribe to:
Posts (Atom)