Tuesday, November 24, 2015

බොආබ් ගස


යටිකුරු කර ඇති 
බොආබ් ගස
තනිකඩව අනන්තය පෙනෙන
සුසිනිඳු සේද වැලි පලස මත
කොළ
දුඹුරු
රතු
කහ
දිගු පලල් මිටි බෝතල
උඩුකුරුව
නොපෙනනා හුයකින්
ගහේ අතු අග
ගෙල වැලලාගෙන
සෙමෙන් සුලලිතව
වැලපෙමින්

මිහිරි සංගීත ස්වර වයන
හු කියන සුළඟට
අමතක කර යන එන අත
ගිගිරි සර්ප මහතුන්
වල්ග අග උණ්ඩ පුරවමින
වැලි මත වැතිර
එල්ලය ගෙන
පඹයින්ට වෙඩි තබන
මේ විසල් 
වැලි මත
ඈත නොපෙනෙන ඉර
හොරෙන් දහඩිය පිහන...



No comments:

Post a Comment