Wednesday, August 31, 2016

නඩුව


මහා සැර මූණක් තිබ්බට
ලෝයර් මහත්තයා
සැරම නෑ සෙනේ
කවුරුත් නැති වෙලාවට
පුපුරු ගහනවා ඇස් අගිසි
කරුණාවට වෙන්නැති සෙනේ
ඔයාට සල්ලි නැති බව
මං දන්නවා සෙනේ
නඩත්තුව දුන්නා කියල
මගෙ කුරුටු අත්සන
ගහන්නට පුරුදුවෙන්නම් සෙනේ
දැං ඔයා කාලද සෙනේ?
මෙච්චර කාලයක් අහපු එක
එකපාර නවත්තන්න
අමාරුයි සෙනේ
බෙහෙත් ටික උනත්
වරද්දන්න හොඳ නෑ සෙනේ
අද ඇන්දෙ කහපාට මල් වැටුණු සාරිය
ඔයා මට ඒ දවස් වල අරන් දීපු
මල් වල කහපාට අඩුවෙලා සෙනේ
හරියට අපේ ආදරේ වගේ
මං තාම උසාවිය ලඟ
අම්මත් බලාගෙන ඇති
එහෙමනං මං යන්නද සෙනේ?
ඔයා ආවේ නැති හින්දම
නඩු වාරෙ 25 ට කල් ගියා සෙනේ
බුදුසරණයි සෙනේ

No comments:

Post a Comment