Friday, December 4, 2015

වධකාගාර බිත්තිය

මේ මෙතැන බිත්තියේ වීරෝදාර පුත්තු අම්මලාගේ ඇහැ ගැටෙන්නට තැළු අතැඟිලි වාරු කරගෙන ඇඟිලි සලකුණු තබා යන්නැති ආයෙමත් ආපු නැති පුතාලා වෙනුවෙන් අම්මලා තවමත් 
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති

වරාමල්


මා ඔබට පිටුපෑවොතින්
මල් කැකුලක් ලෙස වත් නොඑන්නට සිදුවේවි
මම ඔබ දෙස බැලුවොතින්
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නු‍ඹේ සුසුමින් පණ ලබන
ඔබ වෙතට ලඟාවිය හැකිනම්
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
නොදනීද ඔබ, දිගු රාත්‍රියකට පසු
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
මට ඔබ වැළඳගත හැකි නම්
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නු‍ඹේ සුසුමින් පණ ලබන
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව


https://www.youtube.com/watch?v=-aq1ufHcmcI

Thursday, December 3, 2015

විලෝ තුර පොකුණ අද්දර
අමනාපයෙනි හිම තුහින ගැන
දිගු කෙස් කලඹ සුදු පැහැ කරන

නම නොදන්නා ගස
පැළඳගන්නට හිම පියලි
හලා ඇත සියළු තුරු පත්
වේලපහින්ම

සමනල්ලු 
පිච්ච මල් වල නැවතෙති
සුවඳම පිච්ච තෝරති
සිරිපා වන්දනාවට

තුනී ඇතිරිල්ලක්ව හිම
වැතිරේ රෝස පාත්තිය මත
සිසිරය සමඟ

සුවඳැති නගරයකි
ක්‍රමිකව සැලසුම් කරන ලද
කිසි විටක නොපෙනේ
වීරවරියන්ගේ පිළිම
සටනින් ජය ලද


වැසි බිඳු දෙකක්
පියැසි කෙළවර
වාදයකි,
පළමුව
බිමට යන අය ගැන

කැලැන්ඩරය
කොළ හලනවා දැක
සියලුම පත්
බිම දමයි තුරු
උඳුවප් මාසයෙහි

නිසල දිය පොකුණ අද්දර
සසල තාපසයෙකි
බවුන් වඩන
හිතින් පොකුණත
දිය රැළි නංවන