Wednesday, September 7, 2016
නුඹ, උයන සහ මම
උයන් කොන
දිගු පටු මං පෙත් ය
රොබරෝසියා පෙති හලන
මැයි මාර සිනා සෙන
නුඹ
මිදී මා සුරතින්
රොබරෝසියා පෙති නෑව
වංගුව මේක
මෙන්න මේ අඩ අඳුරු තැන
නුඹේ මුව සිප ගත්ත තැන
තනියම ඇවිද්දත් අද
කටපාඩමින් කිව්වැකි
මතක පොද
නුඹ හා එක්ව සිට
අතීතෙට අයිති උන
දුර
සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර
Friday, September 2, 2016
ගින්දර
ඔබ දුන්න ගින්දර
ප්‍රවේසම් කරගමි
සීතලට අවුලන්න
හිම වැටෙන්නට පටන්ගත්තම...
පිළිස්සුම
පිලිස්සෙන්නේ නුඹද
නැතිනම් ඒ මගේ හිතද?
Thursday, September 1, 2016
පහන
නිවී ගිය පහනකි
පෝය දුර දැයි
කල්පනා කරන
අම්මා
කළු අත් බෑගයකි
බලි කුරුටු සිතුවම් ඇති
අම්මා යැයි ලොකුවටම ලියන ලද
වන්නම
විසික් උන ගිනි අඟුරකට
වෙනස් කල හැකිද වන්නම ?
නුඹට ඕනෑ හැටියට
තවරමි වත්සුණු
නුඹ කිව්ව විදිහට
එපා කිව් අංජන
දමමි කුණු කුඩෙට
ගිල්වමි නිල් දෙනෙත
කළුපාට උපැසියක
මේ ඉතින් මම
නුඹට ඕනෑ හැටියට
මකරු
හඳුනන මකරුන් ය
බැල්මකින් ගිනි දල්වන
මම
ගිනි නිවනු නොහැකිව
ළතැවෙන
මල්
“රෝස“ වෙනවට වඩා අමාරුයි
“පිච්ච“ වෙන එක
“ඇන්තූරියම්“ ගනන් උස්සන්නේ බොරුවට
“කඩුපුල්“ වෙනමම කතාවකි
ඉක්මනින් ඉවරවෙන
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)