රාත්රිය
බිය ගනී
ආලෝකයට
අඩ කවුලුවෙන්
පෙරී එන
Monday, November 30, 2015
නන්දනිය,
කොහේද සැඟවූ යේ ඔබ
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....
කොහේද සැඟවූ යේ ඔබ
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....
Friday, November 27, 2015
මහගෙදර බිත්තියේ
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!
Thursday, November 26, 2015
Tuesday, November 24, 2015
බොආබ් ගස
යටිකුරු කර ඇති
බොආබ් ගස
තනිකඩව අනන්තය පෙනෙන
සුසිනිඳු සේද වැලි පලස මත
කොළ
දුඹුරු
රතු
කහ
දිගු පලල් මිටි බෝතල
උඩුකුරුව
නොපෙනනා හුයකින්
ගහේ අතු අග
ගෙල වැලලාගෙන
සෙමෙන් සුලලිතව
වැලපෙමින්
මිහිරි සංගීත ස්වර වයන
හු කියන සුළඟට
අමතක කර යන එන අත
ගිගිරි සර්ප මහතුන්
වල්ග අග උණ්ඩ පුරවමින
වැලි මත වැතිර
එල්ලය ගෙන
පඹයින්ට වෙඩි තබන
මේ විසල්
වැලි මත
ඈත නොපෙනෙන ඉර
හොරෙන් දහඩිය පිහන...
Monday, November 23, 2015
පුනරාගමිත පෙම්වත
පුනරාගමිත පෙම්වත
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
Subscribe to:
Posts (Atom)