Wednesday, August 31, 2016
කන්ද
ඈත උස කඳු මුදුනක
නුඹ ඇතැයි සිතාගෙන මම
ඇහිපිල්ලමෙන් තොරව
බලාඉමි
අවසන
කන්ද මට අත වනනු දැක
බිම බලාගෙන ගෙට යමි
නඩුව
මහා සැර මූණක් තිබ්බට
ලෝයර් මහත්තයා
සැරම නෑ සෙනේ
කවුරුත් නැති වෙලාවට
පුපුරු ගහනවා ඇස් අගිසි
කරුණාවට වෙන්නැති සෙනේ
ලෝයර් මහත්තයා
සැරම නෑ සෙනේ
කවුරුත් නැති වෙලාවට
පුපුරු ගහනවා ඇස් අගිසි
කරුණාවට වෙන්නැති සෙනේ
ඔයාට සල්ලි නැති බව
මං දන්නවා සෙනේ
නඩත්තුව දුන්නා කියල
මගෙ කුරුටු අත්සන
ගහන්නට පුරුදුවෙන්නම් සෙනේ
මං දන්නවා සෙනේ
නඩත්තුව දුන්නා කියල
මගෙ කුරුටු අත්සන
ගහන්නට පුරුදුවෙන්නම් සෙනේ
දැං ඔයා කාලද සෙනේ?
මෙච්චර කාලයක් අහපු එක
එකපාර නවත්තන්න
අමාරුයි සෙනේ
බෙහෙත් ටික උනත්
වරද්දන්න හොඳ නෑ සෙනේ
මෙච්චර කාලයක් අහපු එක
එකපාර නවත්තන්න
අමාරුයි සෙනේ
බෙහෙත් ටික උනත්
වරද්දන්න හොඳ නෑ සෙනේ
අද ඇන්දෙ කහපාට මල් වැටුණු සාරිය
ඔයා මට ඒ දවස් වල අරන් දීපු
මල් වල කහපාට අඩුවෙලා සෙනේ
හරියට අපේ ආදරේ වගේ
ඔයා මට ඒ දවස් වල අරන් දීපු
මල් වල කහපාට අඩුවෙලා සෙනේ
හරියට අපේ ආදරේ වගේ
මං තාම උසාවිය ලඟ
අම්මත් බලාගෙන ඇති
එහෙමනං මං යන්නද සෙනේ?
ඔයා ආවේ නැති හින්දම
නඩු වාරෙ 25 ට කල් ගියා සෙනේ
අම්මත් බලාගෙන ඇති
එහෙමනං මං යන්නද සෙනේ?
ඔයා ආවේ නැති හින්දම
නඩු වාරෙ 25 ට කල් ගියා සෙනේ
බුදුසරණයි සෙනේ
Wednesday, May 18, 2016
විරු පුත!!!!
වෙව්ලන අතැඟිලිය
වෙව්ලන හිත් ඇතිව
යන්තං පෙනෙන ඇස්
පිසදා ගෙන බැලුව
තුරුලේ හොවා ගෙන
නැලවිලි ගී කිව්ව
ගල් බිත්තියෙන් එනවද
පුත දිවි පිදුව
Friday, December 4, 2015
වධකාගාර බිත්තිය
මේ මෙතැන බිත්තියේ
වීරෝදාර පුත්තු
අම්මලාගේ ඇහැ ගැටෙන්නට
තැළු අතැඟිලි වාරු කරගෙන
ඇඟිලි සලකුණු තබා යන්නැති
ආයෙමත් ආපු නැති
පුතාලා වෙනුවෙන්
අම්මලා තවමත්
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති
වරාමල්
මා ඔබට පිටුපෑවොතින්
මල් කැකුලක් ලෙස වත් නොඑන්නට සිදුවේවි
මම ඔබ දෙස බැලුවොතින්
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
ඔබ වෙතට ලඟාවිය හැකිනම්
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
නොදනීද ඔබ, දිගු රාත්‍රියකට පසු
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
මට ඔබ වැළඳගත හැකි නම්
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නුඹේ සුසුමින් පණ ලබන
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව
https://www.youtube.com/watch?v=-aq1ufHcmcI
Thursday, December 3, 2015
Subscribe to:
Posts (Atom)






