Monday, November 30, 2015

රාත්‍රිය
බිය ගනී
ආලෝකයට
අඩ කවුලුවෙන්
පෙරී එන


උණ පඳුර
නවත්වයි සිලි සිලිය
කුණාටුවට මොහොතකට පෙර
ගඟදිය 
මදක් නවති 
නෑසෙන හෙයින් පසුබිම් මියැසිය



නන්දනිය,
කොහේද සැඟවූ යේ ඔබ 
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....



Friday, November 27, 2015

මහගෙදර බිත්තියේ
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!




සඳළුතල ඉවත් කල යුතුය
ආදරය ඇති විමට පෙරම.....

උස් කර බැඳි වරලස අග
අමතකව ගිය කෙස් රොදක්
උඩ පනි,සැහැල්ලුවට..

Thursday, November 26, 2015

පහන

රෑ,

කළුවර
ගෙට අරන් 
පහනක් හොයන හැටි....