Thursday, December 3, 2015

නම නොදන්නා ගස
පැළඳගන්නට හිම පියලි
හලා ඇත සියළු තුරු පත්
වේලපහින්ම

සමනල්ලු 
පිච්ච මල් වල නැවතෙති
සුවඳම පිච්ච තෝරති
සිරිපා වන්දනාවට

තුනී ඇතිරිල්ලක්ව හිම
වැතිරේ රෝස පාත්තිය මත
සිසිරය සමඟ

සුවඳැති නගරයකි
ක්‍රමිකව සැලසුම් කරන ලද
කිසි විටක නොපෙනේ
වීරවරියන්ගේ පිළිම
සටනින් ජය ලද


වැසි බිඳු දෙකක්
පියැසි කෙළවර
වාදයකි,
පළමුව
බිමට යන අය ගැන

කැලැන්ඩරය
කොළ හලනවා දැක
සියලුම පත්
බිම දමයි තුරු
උඳුවප් මාසයෙහි

නිසල දිය පොකුණ අද්දර
සසල තාපසයෙකි
බවුන් වඩන
හිතින් පොකුණත
දිය රැළි නංවන